Tuesday, April 23, 2024

General line - 0115112241

එජාපය, පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනයකට සැරසෙයි




එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු කිහිපයක සංශෝධන සිදුකිරීමට අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ ඉදිරි සතිය තුළ ඒ පිළිබඳව සාකච්ඡාවක් ද සිදු කරන බවයි.

" එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට මේ වන විට විපක්ෂ නායක ධුරය ලබාදී තිබෙනවා. මිට පෙර අවස්ථාවකදී අපේ මන්ත්‍රි කණ්ඩායම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉල්ලීමක් කළා ඉදිරි මැතිවරණයන් ජය ගැනීම සඳහා පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් කර යුතුයි කියලා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා පක්ෂයේ ව්‍යවස්ථාව මිට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගැනීමට හැකිවන අයුරින් සංශෝධනය කළ යුතුයි කියලා. ඒ අනුව මේ ඉදිරි සතියේදී පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම පක්ෂයේ නායකත්වය ඇතුළු අනෙකුත් තනතුරු සංශෝධනය කිරීම මේ මස 25 වෙනිදාට පෙර සිදුකිරීමට නියමිතව තිබෙනවා" මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.