Tuesday, April 23, 2024

General line - 0115112241

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ගේ අවසන් කටයුතු අදයි




අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගොඩකවෙළ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරුවේ සිදු කෙරෙනවා. මේ, ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර.

හදිසියේ රෝගාතුර වී සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් සිව්වනදායි. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා.