Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක විවාහක රූ රැජිනට ජනපතිගෙන් සුභාශිංසන




ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 ලෝක විවාහක රූ රැජින තරගයට ඉදිරිපත්ව එහි කිරුළ හිමිකර ගත් කැරොලයින් ජූරි හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් එක්කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ වසර 35 කට පසුව ලෝක විවාහක රූ රැජින කිරුළ හරහා ජාත්‍යන්තර ගෞරවය මව්බිමට රැගෙන ආ කැරොලයින් ජූරි, සියලු ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බරයක් එක් කළ බවයි. ඒ වෙනුවෙන් ඇයට ස්තූතිවන්ත වන බව ද ජනාධිපතිවරයා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබෙනවා.