Thursday, April 25, 2024

General line - 0115112241

මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන පොහොට්ටුව සහ ශ්‍රීලනිපය මත 02 ක




ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රැසක්ම කියා සිටියේ ඉදිරි මහමැතිවරණය ද ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින පක්ෂ පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවටයි.

ඒ පිළිබඳ කුමන ප්‍රකාශ සිදුකළ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සාකච්ඡා කර සාර්ථක තීරණයකට එළඹෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ. 

රට ජයග්‍රාහී මාවතකට ගෙන යා හැකි වැඩපිළිවෙළක් සඳහා ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ.