Friday, March 29, 2024

General line - 0115112241

සාගරයේ ඔක්සිජන් තත්ත්වය අඩු වෙමින් පවතින බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි




දිගින් දිගටම සිදුවන කාලගුණ විපර්යාසයන් හමුවේ සාගර ජලය තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙමින් ඇති බවට පර්යේෂකයින් පිරිසක් අනතුරු අඟවනවා. ඉන් සාගරවල වෙසෙන මත්ස්‍යයින් ඇතුළු සාගර ජීවීන් රැසක් අවදානමකට මුහුණ දී සිටින බවයි එම පර්යේෂකයින් වැඩිදුරටත් අනාවරණ කරන්නේ. මේ බව හෙළි කෙරුණේ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුබද්ධ පර්යේෂකයින් පිරිසක් මගින් සිදුකළ අධ්‍යනයකදීයි.

සාගරය තුළ ඇති පෝෂ්‍ය පදාර්ථ ක්‍රියාවිරහිත වෙමින් ඇති බව දශක ගණනාවක් පුරා දැන සිටියද, දේශගුණික විපර්යාස හේතුවෙන් සාගරය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය හීනවීම ද මේවනවිට නරක අතට හැරෙමින් ඇති බවයි එම පර්යේෂකයින් පවසන්නේ.

ඒ අනුව සාගර කලාපවලින් ස්ථාන 700ක පමණ මේවනවිටත් පවතින්නේ අඩු ඔක්සිජන් ප්‍රමාණයක් බව ද පර්යේෂකයින් පවසනවා. මෙම තත්ත්වය හමුවේ මෝරුන් සහ ටූනා මත්ස්‍යයින් ඇතුළු තවත් මත්ස්‍ය වර්ග කිහිපයක් දැඩි ලෙස අවධානමට ලක්ව සිටින බව ද අනාවරණ වී ඇතැයි සඳහන්.