Tuesday, April 23, 2024

General line - 0115112241

කාන්තා ක්‍රිකට් සාග් රන් පදක්කම ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි




13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම පිළිබඳ ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු මීට නොබෝවේලාවකට පෙර බිඳ වැටුණා. ඒ, බංග්ලාදේශ ක්‍රීඩිකාවන් හමුවේයි. බංග්ලාදේශ ක්‍රීඩිකාවන් රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 02 ක තියුණු ජයක් වාර්තා කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී ලකුණු 91 ක් රැස්කළා. එම ඉලක්කට හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 09 ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 89 ක් පමණයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් නායිකා හර්ෂිතා මාධවී ලකුණු 32 ක් සහ ලිහිණි අප්සරා ලකුණු 25 ක් රැස්කළා.
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේදී පැවැත්වෙනවා. 
 

 

............................................

කාන්තා ක්‍රිකට් සාග් රන් පදක්කම දිනන්න ශ්‍රී ලංකාවට ලකුණු 92 ක ඉලක්කයක්

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම සඳහා වූ තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 දී කඩුළු 08 ක් දැවී ලකුණු 91 ක් රැස්කළා. බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව උමේෂා තිමාෂිණී ලකුණු 08 කට කඩුළු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.

ලකුණු 92 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 7 ක් අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 24 ක් ලබා සිටියා. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේදී පැවැත්වෙනවා.