Friday, April 19, 2024

General line - 0115112241

ග්‍රාමීය සංවර්ධනයට අලුත් මෙහෙයුමක් ලබන මාසයේ සිට

කේ ඩබ්ලිව් නිශ්ශංක




ලබන මාසයේ සිට ග්‍රාමීය සංවර්ධනය සඳහා එක් පළාත් පාලන කොට්ඨාසයකට රුපියල් මිලියන 05 ක මුදලක් වෙන් කිරීමට කටයුතු යොදන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් ද ලබන මාසයේ සිට නව රැකියා සැලැස්මක් ක්‍රියාවට නංවන බවයි. 

මේ වනවිට බිහි වී ඇත්තේ ජනතාවගේ පාලනයක් බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මෙම අදහස් පළ කළේ මැදමහනුවර පැවති උත්සවයක් අමතමින්.