Friday, March 29, 2024

General line - 0115112241

බ්‍රිගේඩියර් ප්‍රියංකට දඩ මුදල ගෙවීමට සිදු නොවනු ඇතැයි ආරක්ෂක ලේකම් කියයි




බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නියම කරන ලද දඩ මුදල ගෙවීමට සිදු නොවනු ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඒ, කොළඹ අද (08) පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

මේ අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යය අධිකරණයක් ලබා දුන් තීන්දුව පිළිබඳ මෙතෙක් ලිඛිතව රජය දැනුවත් කර නොමැති බවයි.