Friday, April 19, 2024

General line - 0115112241

කිරිපිටි මිල අඩු වේ - වෙළඳුන්ට වන පාඩුව සමාගම් දැරීමටත් එකඟ වෙයි




ආනයනික කිරිපිටි මිල අද (09) සිට අඩුවනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ කිරිපිටි සඳහා පනවා ඇති මිල සූත‍්‍රයට අනුව මෙලෙස මිල අඩුවනු ඇති බවයි.

ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 01 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40 කින් අඩුවනු ඇති. ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල අඩුවීමට නියමිතව ඇත්තේ රුපියල් 15 කින්. බදු සංශෝධනයත් සමග ජනතාවට මෙම සහනය හිමිවන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ. 

ආණ්ඩුව ලබාදුන් බදු සහන සමග පාරිභෝගික අධිකාරිය සහ කිරිපිටි සමාගම් ඉකුත් දා සාකච්ඡාවක ද නිරත වි තිබෙනවා.

එහිදී ඇතිවූ එකඟතාවයකට අනුවයි මෙලෙස කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර ඇත්තේ. වෙළඳපලේ දැනට ඇති කිරිපිටි පැකට්ටුවල සඳහන් මිල වෙනුවට සංශෝධිත මිල සටහන් කිරීම ඉකුත් දින 02 තුළ කිරිපිටි සමාගම් විසින් සිදුකරන බවට දැනුම් දුන්නේ යැයිද පාරිභෝගික අධිකාරිය පැවසුවා.

එහිදී ව්‍යාපාරිකයින්ට සිදුවන අලාභය කිරිපිටි සමාගම් විසින් දැරීමට ද එකඟ වී ඇතැයි සඳහන්.