Friday, March 29, 2024

General line - 0115112241

මැදපෙරදිග තානාපතිවරුන් ජනපති හමුවෙයි 




මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන තානාපතිවරුන් අද (09) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

නව රජයට මැද පෙරදිග රටවල සහය සැමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බව මෙහිදී තානාපතිවරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කළ තානාපතිවරුන්, නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තම රටවල සබඳතා සැමවිටම ශක්තිමත් කර ගැනීමට කැපවෙන බවට ප්‍රකාශ කර සිටියා.

පලස්තීනය, ඊජිප්තුව, කුවේට්, ඕමාන්, ඉරාකය, ලිබියාව හා කටාර් රාජ්‍යයන් නියෝජනය කරමින් ශ්‍රීලංකාවේ සිටින මෙම තානාපතිවරුන් අද හමුව සඳහා එක්ව සිටියා.