Thursday, March 28, 2024

General line - 0115112241

"පක්ෂයේ තනතුරු සමගියෙන් බෙදා ගමු" - කිරිඇල්ල




පක්ෂයේ නායකත්ව වෙනස එළඹෙන මහ මැතිවරණයෙන් පසුව සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක පවසනවා.

ඒ, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී ඔහු පෙන්වා දුන්නේ "එජාපය මේ රටට ආදරය කරන පක්ෂයක්. අනාගතයේදී පක්ෂයේ අවශ්‍යතාවය අනුව අලුත් නායකත්වයක් අවශ්‍ය නම් අලුත් නායකත්වයක් බිහි වෙයි. මං හිතන්නේ ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම පක්ෂයට අලුත් නායකත්වයක් බිහි වෙයි." බවයි.

සමගියෙන් පක්ෂයේ තනතුරු බෙදාගැනීම සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිිරිඇල්ල ද පැවසුවේ. මාධ්‍යවේදීන් එහිදී ඔහුගෙන් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා. එහිදී "පාර්ලිමේන්තුව මොන හේතුවක් නිසා කල් දැම්මද කියලා අපි දන්නේ නෑ. මාසයක් කියන්නේ විශාල කාලයක්. අනිත් එක කථානායකතුමාට දන්වලත් නෑ." යනුවෙන් සඳහන් කළා.

කෙසේවෙතත්, පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පළකළේ මෙවන් අදහසක්.

එහිදී "කෝප් කමිටු වාර්තාව නිසා පාර්ලිමේන්තුව කල් දැම්මා නෙමෙයි. ඕනෑම ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ ඒ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඇවිත් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව 03 වැනිදට කල් දාපු එක මහාලොකු දෙයක් කරගන්න අවශ්‍ය නෑ. සියයට තුනක ප්‍රතිශතයක් අරගෙන තාම පාඩම් ඉගෙන ගෙන නෑ. දැන් ඔය තුනත් අඩු කරගන්නයි හදන්නේ අනවශ්‍ය දේවල් කතා කියන්න ගිහින්. " යනුවෙන් සඳහන් කළා. 

රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මෙම අදහස් පළකළේ මාළඹේ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.