Friday, March 29, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය පිළිබඳ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් සිහිකැඳවීමක්




2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන දිනය පිළිබඳ විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව සිහිකැඳවීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එළඹෙන 12 වනදා සාමාන්‍ය පෙළ විභාගය වීමෙන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙසයි.

එමෙන්ම විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍රයේදී කළහකාරී ලෙස හැසිරුනහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් මෙන්ම පොදු දේපළවලට අලාභහානි සිදුකළහොත්, විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බව ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එවැනි සිද්ධියක් යටතේ විභාග ප්‍රතිපල අවලංගු කිරිමට ද කටයුතු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.