Tuesday, April 23, 2024

General line - 0115112241

ලොව ලාබාලතම අගමැතිවරිය මෙන්න 




ලොව ලාබාලතම අගමැතිවරිය බවට ෆින්ලන්තයේ 34 හැවිරිදි සන්නා මැරීන් පත්ව තිබෙනවා. ෆින්ලන්තයේ කාන්තා නායකත්වයෙන් යුත් සභාග රජයක සඳහා ඇය ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අගමැති ඇන්ටි රින් ඉවත්වීමෙන් පසු ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ සන්නා මැරීන් ඇය නියෝජනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් අගමැතිවරයා ලෙස තෝරා ගෙන ඇත. නව අගමැතිවරිය මේ සතියේ දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාන්තා නායිකාවන් ප්‍රධානත්වය දරණ වාමාංශික පක්ෂ 05 ක සන්ධානයක් සඳහා සන්නා මැරීන් නායකත්වය දරනු ඇත.

තැපැල් වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් සභාග පක්ෂ සාමාජිකයින් අතර විශ්වාසය නැතිවීමෙන් හිටපු අගමැති ඇන්ටි රින් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 

අගමැතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස ෆින්ලන්තයේ සන්නා මැරීන් (34) පත්වනු ඇති. ඇයට පසුව ලොව ලාබාලතම අගමැතිවරුන් ලෙස කටයුතු කරන්නේ යුක්‍රේන අගමැති අගමැති ඔලෙක්සි හොන්චාරුක් (35) සහ නවසීලන්තයේ ජෙසින්ඩා එඩ්ඩ්‍රන් (39) වේ.