Tuesday, April 23, 2024

General line - 0115112241

නෙත් නිව්ස් ප්‍රාදේශීය වාර්තාකරුට එල්ලවූ ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි




නෙත් නිව්ස් ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාර ද සිල්වාට සිදු වූ පහර දීම හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කෘතිම රා නිපදවීමේ ජාවාරමක නිරත වන්නන් කණ්ඩායමක් විසිනුයි මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසෙන්නේ.

පහර දීමෙන් තුවාල ලැබූ නෙත් නිව්ස් ප්‍රාදේශීය වාර්තාකරුවා මේ වනවිටත් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. පහර දීම සම්බන්ධයෙන් කණ්ඩායම් 02 ක් යොදවා විමර්ශන සිදු කරන බවයි අළුත්ගම පොලිසිය පැවසුවේ.