Saturday, April 20, 2024

General line - 0115112241

නව ආණ්ඩුවේ රාජත්‍රාන්ත්‍රික සබඳතා පළදු කරන කුමන්ත්‍රණයක් ඩිලාන් හෙලි කරයි




ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදීද අදත් අදහස් පළ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසුවේ නව ආණ්ඩුව සහ බටහිර රටවල් අතර රාජත්‍රාන්ත්‍රික සබඳතා පළුදු කිරීමේ අදහසින් මෙම සිද්ධිය ව්‍යාජව නිර්මාණය කර ඇතැයි සැක සිතෙන බවයි.

අද පැවැත්වූ තවත් මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකරද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. ඒ බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දුට දඩ නියම කිරීමද සිහිපත් කරමින්.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේදී අපහසුතාවට පත් කිරීමට දරණු ලබන මෙවැනි උත්සාහයන් පිළිබඳ ආණ්ඩුව විමසිල්ලෙන් සිටිය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.