Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිගේ නම විකුණා මුදල් ගැරූ දෙදෙනෙක් CCD අත්අඩංගුවට




රාජ්‍ය ආයතනවල රැකියා ලබා දෙන බවට මුලා කර පුද්ගලයින්ගෙන් මුදල් වංචාකරන පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා ඇති බව අගවමින් මෙම පිරිස වංචාවේ යෙදී සිටින බවයි වැඩිදුරටත් අනාවරණ වී තිබෙන්නේ. 

වංචාවට සම්බන්ධ දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (09) අත්අඩංගුවට ගැණුනා. 

එලෙස අත්අඩංගුවට ගැණුනු ප්‍රධාන සැකකරු රාජාංගණය යාය 08 ප්‍රදේශයේ පදිංචි නිහාල් දසනායක නැමැත්තෙක්. අනෙක් පුද්ගලයා සෙවනගල සමගිපුර පදිංචි නුවන් ජයකොඩි නැමැත්තෙකු වනවා. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙය වනු ලබනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ගුරු පත්වීම් ලබා දෙන පවසමින් සිදු කෙරෙන වංචාවලට හසු නොවන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

එවැනි වංචා පිළිබද තොරතුරු ඇත්නම් ඒ පිළිබද දැනුම් දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.