Tuesday, March 19, 2024

General line - 0115112241

ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයි (VIDEO)




අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින්.  

ඉකුත් ජනාධිපතිවරණයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරු පළාතේ බහුතරයක් ඡන්දය ලබා නොදීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද, ඔහු මෙහිදී අදහස් පළ කළා. 

එහිදී "දැන් අපිට උතුරේ කවුරුත් ඡන්ද දුන්නේ නෑනේ. හැබැයි ඡන්දෙ දුන්නේ නෑ කියන්නේ.. ඒ උතුරේ ඉන්න මිනිස්සුන්ගේ වැරැද්ද නෙමෙයි. අපිම කරගත්ත දෙයක්. උතුරේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය දේ හඳුනාගෙන නෑ. එහෙනම් අපි ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගන්න ඕනේ. මේ දෙමළ මිනිස්සු අපිට වැඩක් නෑ කියන එක නෙමෙයි." යනුවෙන් සඳහන් කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි. 

(වීඩියෝව පහතින් )