Thursday, April 25, 2024

General line - 0115112241

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් ඉවත් කිරීමට 19 යෙන් අවස්ථාවක් නැහැ




ව්‍යවස්ථාදායක සභාව සඳහා පත් කරනු ලබන සමාජිකයන් ඉන් ඉවත් කිරීම සඳහා පටිපාටියක්, ව්‍යවස්ථාදායක සභාව හඳුන්වා දුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ දක්වා නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය කෙටුම්පත් කරන අවස්ථාවේ පූර්ණ නිගමන දෙකක් ඊට හේතුව වූ බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ. 

නව ජනාධිපතිවරයෙකු පත්ව නව අග‍්‍රාමාත්‍යවරයෙකු සහිත කැබිනට් මණ්ඩලයක්ද පත් කරනු ලැබ සිටියත් ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය මෙතෙක් වෙනස් වී නැහැ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට විවිධ සංවාද ද ඇති වෙමින් තිබෙනවා. නෙත් නිවුස් ඒ පිළිබඳ කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙම කරුණූ දැක්වූවා.

ව්‍යවස්ථාදායක සභාවේ වත්මන් සමාජිකයන් සදාචාරයට ගරු කරමින් එම තනතුරුවලින් ඉවත් නොවන නිසා දැන් කළ යුතුව ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ඉවත් කිරීම හෝ යළි සංශෝධනය කිරීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.