Thursday, March 28, 2024

General line - 0115112241

කළු තුෂාරට මරණ දඬුවම

අධිකරණ වාර්තාකරු




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නැමැත්තාට කොළඹ මහාධිකරණය අද (10) මරණ දඬුවම නියම කරනු ලැබුවා.

ඒ හෙරොයින් ග්‍රෑම්  59 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවටයි.

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග කළු තුෂාර නැමැත්තාට මරණීය දණ්ඩණය නියම කරන ලදි.

2017 වසරේ මැයි මස 12 වැනිදා විත්තිකරු සේදවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 ප්‍රවාහනය කරමින් සිටියදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිළධාරීන් විසින් අත්අඩංගුව ගෙන තිබුණා.