Friday, April 26, 2024

General line - 0115112241

පියාසර කරමින් තිබූ ගුවන් යානයක් අතුරුදන් වෙයි




පුද්ගලයින් 38 දෙනෙකු රැගත් චිලී රාජ්‍යයට අයත් හමුදා ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා.

ඒ, චිලී රාජ්‍යයේ පුන්ටා අරීනාස් සිට ඇන්ටාක්ටිකා කලාපයේ පිහිටි දූපතක් බලා පියාසර කරමින් තිබියදීයි. යානය තුළ කාර්යය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු සිටි බවයි චිලී හමුදාව පැවසුවේ.

ඒ අතරින් තිදෙනෙකු සිවිල් වැසියන්. අතුරුදන් වූ යානය සොයා චිලී හමුදාව මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. යානයේ නියමුවා ද ගුවන් ගමන් සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් ඇති අයෙකු බවයි පැවසෙන්නේ.