Tuesday, March 19, 2024

General line - 0115112241

MCC ගිවිසුම ගැන රජයේ මතය හෙළි කරන්න : එජාපය




අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ ප්‍රශ්නගත එම් සී සී ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යහමු කිහිපයකදී අදත් අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්‍ෂය විසින් කැදවන ලද මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් පැවසුවේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව රටට ප්‍රකාශ කළ යුතු බවයි. 

ජාතික සංවිධාන එකමුතුව අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ ප්‍රශ්නගත එම් සී සී ගිවිසුමට වත්මන් ආණ්ඩුව අත්සන් නොතබනු ඇතැයි තමන් තදින්ම විශ්වාස කරන බවයි.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද රාත්‍රි ප්‍රචාරය වන නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනටද සහභාගි වනවා. ජනාධිපති නීතිඥ අලි සබ්රිද මෙම වැඩසටහනට සහභාගිවීමට නියමිතයි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ඇති අභියෝග පිළිබද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරෙනවා. නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහන ප්‍රචාරය වන්නේ රාත්‍රි 7.30 සිටයි.