Tuesday, March 19, 2024

General line - 0115112241

15 වසරකට පසුව බොක්සිං ඉසව්වෙන් සාග් රන් පදක්කමක්




වසර 15කට පසු බොක්සිං ඉසව්වෙන් සාග් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත් වුණා. එම පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වට එක් වූ රුමේෂ් සදකැළුම්. මෙවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේදි ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වෙන් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ඇතුළු පදක්කම් 11 ක් දිනාගැනීමට සමත් වුණා.

දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ඉතිහාසයේ ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වෙන් දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාවද මෙය වනවා.
මේ අතර අද පැවති කඩු හරඹ ඉසව්වෙන්ද ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තා.  13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංගසාලා ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා.