Thursday, April 18, 2024

General line - 0115112241

ජනපතිට අනුව ඇමතිවරුන්ගෙන් තවත් වෙනසක්




පවුලේ සාමාජිකයින් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලවලට එක්කර ගැනීමෙන් වැළකී සිටීමට ඇමතිවරුන් එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග යමින්. ජනාධිපතිවරයාද කිසිදු පවුලේ සාමාජිකයෙකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට එක්කර ගෙන නැහැ.

ඒ අනුවයි පවුලේ සාමාජිකයින් ඇමති කාර්ය මණ්ඩලවලට එක්කර ගැනීමෙන් වැළකී සිටීමට අමාත්‍යවරුන්ද එකඟතාව පළ කර ඇත්තේ.

මීට පෙර පවුලේ සාමාජිකයින් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කළ අවස්ථා රැසක් ඉකුත් සමයේදී දැකගත හැකි වුණා.

මේ අතර ඉකුත්දා ජනාධිපතිවරයා ආදර්ශයට ගනිමින් තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදේශ ගත වූ අයුරුද දැකගත හැකි වුණා.