Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම් හලකින් ළිංවලට පෙට්‍රල් ගලා එයි




කඩවත නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික නිවාස කිහිපයකට අයත් ළිංවල ජලයට පෙට්‍රල් වැනි ඉන්ධන වර්ගයක් මිශ‍්‍ර වී ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් කියා සිටියේ තම ළිංවලට දැනට දින කිහිපයකට පෙර සිට ඉන්ධන වර්ගයක් මිශ‍්‍රව ඇති බව පෙනෙන්ට තිබූ බවයි.

එම ජලය වහා ගිනි ඇවිලෙන සුළු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ පිළිබඳ නිවෙස් හිමියන් අදාල බලධාරීන් දැනුම්වත් කර ඇති අතර ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද පැමිණ ජල සාම්පල් පරීක්ෂා කර තිබෙනවා.

ඉන්ධන පිරවුම් හලකින් මෙලෙස ජලයට ඉන්ධන කාන්දුවන බවටයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර මේ පිළිබඳ සොයා බැලීමට ගිය මාධ්‍යවේදීන්ට අදාළ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් බව කියන පිරිසක් බැණ තර්ජනය කර පහර දී තිබෙනවා. පසුව මාධ්‍යවේදීන් කඩවත පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.