Friday, April 19, 2024

General line - 0115112241

ප්‍රභූ පර්යන්තය ගැන පැතිර යන කතා ගැන ඇමති පැහැදිළි කරයි




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්තය භාවිත කිරීමේදී ඊට මුදලක් ගෙවිය යුතු බවට පළ වන වාර්තා අසත්‍ය බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

කෙසේ වෙතත්  දේශීය මගියෙකු ප‍්‍රභූ පර්යන්තය භාවිතා කරන්නේනම් ඊට ඩොලර් 1000ක මුදලක් ගෙවිය යුතු බවටයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා ඉකුත්දා පැවත් මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග කියා සිටියේ මුදල් ගෙවිය යුතු බවට වන කිසිදු චක‍්‍රලේකයක් ද මෙතෙක් නිකුත් වී නොමැති බවයි.

ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්තය භාවිත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග වැඩි දුරටත් අදහස් පළ කළා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්තය භාවිත කළ හැක්කේ ප‍්‍රභූ වරප‍්‍රසාද හිමි පුද්ගලයින්ට පමණයි. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන්, පාර්ලිමේන්තුවෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගතයුතු බවයි ගුවන් තොටුපල ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

සාමාන්‍ය පර්යන්තයේදී ගුවන් මගියෙකු සිදු කර ගතයුතු නිෂ්කාශන සහ පරීක්ෂා කිරීමේ කටයුතු ප‍්‍රභූ පරියන්තයේදී අදාළ රාජකාරීවලට අයත් නිලධාරීන් විසින් ප‍්‍රභූ වරප‍්‍රසාද හිමි පුද්ගලයා අසලට පැමිණ සිදු කර දෙනු ලබනවා.