Friday, April 19, 2024

General line - 0115112241

සාග් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට




සාග් ඉතිහාසයෙ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනූ ශී‍්‍ර ලංකා කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් අද (11) දිවයිනට පැමිණෙනවා.

මෙවර ශී‍්‍ර ලංකාව දිනූ මුළු පදක්කම් සංඛ්‍යාව 251ක්. ඊට රන් පදක්කම් 40ක් අයත්. සාග් ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව රන් පදක්කම් 40ක් දිනා ගත් දෙවන අවස්ථාව මෙයයි.

මෙවර වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනු ක‍්‍රීඩකයා මැතිව් අබේසිංහ වනවා. ඔහු රන් පදක්කම් 07ක් දිනා ගත්තා.

ඉන්දියාව අභිබවමින් ශ‍්‍රී ලංකාව මෙවර මලල ක‍්‍රීඩා රන් පදක්කම් 15ක් දිනා ගන්නේ වසර 28කට පසුවයි.

මළල ක‍්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහගෙන් රන් පදක්කම් 3ක් ශී‍්‍ර ලංකාවට හිමිවන අතර වසර 15කට පසු ශ‍්‍රී ලංකාවට සාග් බොක්සිං රන් පදක්කමක්ද මෙවර හිමි වනවා. පළමු වරට මල්ලව පොර ඉසව්වෙන්, ජූඩෝ, කාන්තා බැඞ්මින්ටන් යුගල ඉසව්වන් මෙන්ම කාන්තා මැරතන් ඉසව්වෙන්ද ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් හිමිවුයේ මෙවරයි.

මෙවර සාග් තරගාවලියට එක්ව සිටි මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 11 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරුවීම කැපී පෙනෙන සිද්ධියක් වුණා.

ඊයේ නිමා වු මෙවර සාග් කි‍්‍රඩා උළලේ තුන්වන ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමි වුණේ රන් පදක්කම් 40ක්, රීදි 83ක් සහ ලෝකඩ 128ක්ද සමගයි. 2021 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ සත්කාරකත්ය හිමි වුනේ පාකිස්තානයටයි.