Friday, March 29, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොටුපොල ගැන පැතිර යන අසත්‍ය ප‍්‍රකාශ ගැන ඇමති ප‍්‍රසන්න කරුණු කියයි




මත්තල ගුවන් තොටුපොල විකුණා දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

මත්තල ගුවන් තොටුපොලේ කළමණාකාරිත්වය විධිමත් කිරීම සම්බන්ධයෙන් තමන් කළ ප‍්‍රකාශයක් පදනම් කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් පැතිර යන වාර්තා පදනම් විරහිත බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

උඩුගම්පල ප‍්‍රදේශයේදී මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මේ බව කියාසිටියා.

අදාළ වාර්තා රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සිදු කෙරෙන අසත්‍ය ප‍්‍රචාර බවත් වත්මන් රජය ජාතික සම්පත් විකුණා දැමීමට කිසිසේත් සූදානම් නොමැති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.