Thursday, April 2, 2020
Hotline - 0770586666

නව රජයට තුනෙන් දෙකක බලයක් දිය යුතු බවට හිටපු ජනපති මෛතී‍්‍රගෙන් ප‍්‍රකාශයක්

1414Views


 


ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැපවී කි‍්‍රයා කළයුතු බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද පැවති ආසන සංවිධායකවරුන්ගේ ප‍්‍රගති සමාලෝචන හමුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවිය යුතු බවයි.

ඒ සදහා සිය පක්‍ෂය කැපවී කි‍්‍රයාකළ යුතු බවයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන් හමුවේ ප‍්‍රකාශ කළේ.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here