Wednesday, April 24, 2024

General line - 0115112241

ඇමති අමරවීර බැස්ටියන් මාවත පුද්ගලික බස්රථ නැවතුම්පොලේ නිරීක්‍ෂණ චාරිකාවක




මගී ප‍්‍රවාහන කළමණාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර අද කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස්රථ නැවතුම්පොලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දුර ගමන් බස්රථ සේවා රියදුරන් සහ කොන්දොස්තරවරුන් සදහා ඉදිකෙරෙන විවේකාගාර පද්ධතිය එහිදී ඔහුගේ නිරීක්‍ෂණයට ලක්ව තිබෙනවා.

එමෙන්ම එම බස්රථ නැවතුම් පොලේ නවතා තිබූ බස්රථ කිහිපයක්ද අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක් වූ බවයි මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පැවසුවේ.

එහිදී ඇතැම් බස්රථවල පැවති අඩුපාඩු නිරීක්‍ෂණය කළ අමාත්‍ය මහින්ද අමරවීර සතියක් තුළ එම අඩුපාඩු යථාතත්ත්වයට පත් කර ගන්නා ලෙසටද අදාළ බස්රථ සේවකයන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.