Friday, April 19, 2024

General line - 0115112241

වරක් වැටලූ කෘත්‍රිම රා නිෂ්පාදනාගාරය යළිත් ජයටම කරගෙන ගිහින් - නැවත වැටලීමෙන් බදු වංචාවකුත් හෙළි වේ




මුහුදුකට්ටුව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘති‍්‍රම රා නිෂ්පාදනාගාරයක්  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා.

එහි තිබී කාතී‍්‍රම රා ලීටර් තිස් දහසක් සහ එතනෝල් ලීටර් 2100 සොයා ගැනුනා. මෙම ස්ථානය මීට මාස 4කට පමණ පෙරද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්ම වටලා තිබුනා.

සිය භාරයට ගත් භාණ්ඩ පොලිස් විශේෂ කාර්ය බලකාය ඉදිරි නීතිමය කටයුතු සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මෙලෙස සොයා ගැනුණු එතනෝල් සඳහා අයවිය යුතු බද්ද රුපියල් ලක්ෂ 79 පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානය කෘතී‍්‍රම රා නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයින් බදු වංචා කරමින් මෙම ජාවාරමේ දිගින් දිගටම නිරතව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම බැරලෝහ, ජංගම දුරකතනවල බැටරි යොදා ගනිමින් කෘතීම රා නිෂ්පාදනය කරන අතර ඒවා මිනිස් සෞඛ්‍යයට දැඩි ලෙස හානිදායක බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා. සෞඛ්‍යයට හානිදායක මෙම කෘතීම රා ඇතැමුන් විනාකිරි නිෂ්පාදනයටද යොදා ගන්නා බවටයි අනාවරණ වී ඇත්තේ.