Wednesday, April 24, 2024

General line - 0115112241

කටුපොල් වගාව මෙරටින් ඉවත් කිරීම ඇරඹේ




කටුපොල් වගාව ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට මූළික කටයුතු දැන් ආරම්භ කර ඇතැයි පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසනවා.

කටුපොල් වගාවෙන් සිදුවන පාරිසරික හානි සහ ඒ නිසා ඇතිවන සෞඛ්‍ය තර්ජන ද සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.  

ඔහු වැඩිදුරටත් පෙනවා දුන්නේ යම්කිසි සමාගමක් හිතුවක්කාරී ලෙස කටුපොල් වගාවේ නිරත වන්නේ නම් නීති විරෝධී එම ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියද දැනුවත් කෙරෙන බවයි.

ඉවත් කරන කටුපොල් වගාව වෙනුවට විකල්ප බෝග හඳුන්වාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මෙහිදී කියා සිටියා.