Friday, March 29, 2024

General line - 0115112241

මාධ්‍ය නිදහස ගැන ජනපතිගෙන් සහතිකයක්




රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේදී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථිර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා

  ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්ති නාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට විය යුතු වගකීම් ඉටු කිරීමට සියළු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා කියාසිටියා

 අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  මාධ්‍ය ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා

ජනතාව රටේ ජනාධිපතිවරයා ලෙස තමන් තෝරාපත් කර ගත්තේ අපේක්‍ෂා රැසක් පෙරදැරිව බවත් දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමල දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතරින් ප‍්‍රමුඛ වන බවයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දුන්නේග එම අරමුණු ජය ගැනීමේදීද මාධ්‍යයේ සහය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කළා

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය මට්ටම වැඩිදියුණු කිරීම මගින් මෙරට මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව මාධ්‍ය ප‍්‍රධානියෙකු ජනාධිපතිවරයා වෙත මෙහිදී පෙන්වා දුන්නාග තමන්ද එය අනුමත කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ