Friday, March 29, 2024

General line - 0115112241

කි‍්‍රකට් වසන්තය යළි උදා කළ ශී‍්‍ර ලංකාවට පාකිස්තානයෙන් පැසසුම්




වසර 10කට පසු පාකිස්තානයට ටෙස්ට් කි‍්‍රකට් වසන්තය උදා කරමින් ශි‍්‍ර ලංකාව ලෝකයට බලවත් පණිවිඩයක් ලබාදුන් බව පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධානී එෂාන් මානි පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ සිය රට අපහසුතාවලට ලක්වූ බොහෝ අවස්ථාවලදී ශී‍්‍ර ලංකාව ඊට උපකාර කිරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ප‍්‍රණාමය පුද කරන බවයි. 

2009 වසරේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීම අවාසනාවන්ත සිදුවීමක් බවත් කෙසේවෙතත් වර්තමානයේ  ඕනෑම කණ්ඩායමකට පාකිස්තානයට පැමිණ කී‍්‍රඩා කිරීමේ අවස්ථාව දැන් උදාවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමට එලෙස කී‍්‍රඩා කිරීමට හැකි නම් අනෙක් රටවල කණ්ඩායම්ද පාකිස්තානයට පැමිණ තරග කිරීමට බිය විය යුතු නොමැති බවයි පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය වූ අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අද දිනයේ කි‍්‍රයාත්මක කිරීමට හැකි වුණේ පන්දුවාර 18 ක් පමණයි. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 263 ක් ලබා සිටියා. නොදැවී කඩුල්ලේ රැදී සිටි ධනංජය සිල්වා ලකුණු 72 යි. දිල්රුවන් පෙරේරා ලකුණු 2 ක් ලබා සිටියා