Thursday, April 25, 2024

General line - 0115112241

රාජ්‍ය සමාගම් සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ට බෝනස්




රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සදහා ප‍්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබෙනවා.

සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය සමාගම්වල ප‍්‍රධානීන් සහ රජයේ සියළු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් ඒ සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

2018 ගිණුම් වර්ෂයේ මූල්‍ය වාර්තා පදනම් කර ගෙන පසුගිය වසරේ ලබාදුන් ආකාරයට ප‍්‍රසාද දීමනා ගෙවන ලෙසයි එමගින් දැනුම් දී ඇත්තේ.

අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කර නොමැති අවස්ථාවක වුවද අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියළු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව මෙම වසරේ ප‍්‍රසාද දීමනා ගෙවීමට අදාළ ආයතන වෙත අවසරය හිමිවන බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළා.