Saturday, April 20, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා ගැන නව කණ්ඩායමක් යටතේ විමර්ශන - CIDය අධිකරණයට දැනුම් දෙයි




කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි සියාබ්දීන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නව කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අදාළ නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේදීයි.

මෙම නඩුව ලබන වසරේ ජනවාරි 16 වනදා යළි කැදවීමට නියමිතයි.