Friday, April 19, 2024

General line - 0115112241

ජාතික පාසල් දහසක් දක්වා වැඩි කෙරේ




අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්‍ෂයකට රැකියා අවස්ථා සැලසීමට හැකිවන පරිදි බහු කාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.  

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව කියාසිටියා. 

පාසල් පද්ධතිය තුළ ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමටද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව වැඩබලන 

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම මාධ්‍ය හමුවේදී කියාසිටියා.

ඉසෙඞ් ස්කෝර් ක‍්‍රමවේදය අනුව රජයේ විශ්ව විද්‍යාල සදහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිත කරන දිස්ති‍්‍රක් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක‍්‍රමවේදයක් හදුන්වාදීම සදහා ඉදිරිපත් වූ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.