Tuesday, April 16, 2024

General line - 0115112241

"Jewels 2019" ප්‍රදර්ශනය දෙසැම්බර් 15 සහ 16 : පැමිණෙන සැමටම මැණිකක්




ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයින්ගේ සංගමයේ " රන් ජුබිලිය" සැමරීම සඳහා පවත්වනු ලබන "Jewels 2019" මැණික් සහ රන් ආභරණ ප්‍රදර්ශනය දෙසැම්බර් මස 14 සහ 15 යන දිනයන්හි දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශන භූමියේදී මැණික් සම්බන්ධයෙන් නොමිලේ සම්මන්ත්‍රණ පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇති අතර, මැණික් මිලදී ගැනීම සඳහා ද පාරිභෝගිකයින්ට අවස්ථාව උදාකර දී ඇත.

ඊට අමතරව මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන අය සඳහා නොමිලේ මැණිකක් තිළිණ කිරිමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.

"Jewels 2019" ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා යන දිනයන්හිදී පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ කමිටු ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශණය සම්බන්ධයෙන් වන වැඩිදුර විස්තර www.gemmology.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි