Tuesday, April 16, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක් 




හෙට (14) රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශයේ ස්ථාන රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය පවසනවා.

හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට රාත්‍රි 08.00 සිට ඉරිදා රාත්‍රි 08.00 දක්වා කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10,11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

ජල කප්පාදුව සිදුවන කාලය තුළ කොළඹ 05 සහ කොළඹ 06 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලසැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.