Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු ඇමති රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්




හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් රුපියල් ලක්ෂ 30,000 කට අධික රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් අද (13) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියා. කෙසේවෙතත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අදාළ පැමිණිල්ල භාර නොගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පසුව මොහොමඞ් මුසම්මිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිය පැමිණිල්ල ගොනු කිරීමට කටයුතු කළා. ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ද මොහොමඞ් මුසම්මිල් එහිදී කරුණු පැහැදිලි කළා.