Thursday, April 25, 2024

General line - 0115112241

එජාපයේ ඉදිරි නායකයා දෛවය තෝරාවී : පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක




එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා දෛවය විසින් තීරණය කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පවසනවා. එතෙක් තරුණ මන්ත්‍රීවරුන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ. 

කිසිවෙකුත් හදිසියේ පක්ෂයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද මයන්ත දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.