Thursday, April 25, 2024

General line - 0115112241

මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ මාධ්‍ය හමුවක් ගැන එජාපයෙන් නිවේදනයක්




එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පක් කළ කමිටු සමාජිකයන් දෙදෙනෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එම කමිටුවේ සෙසු සමාජිකයන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශූ මාරසිංහ යන මන්ත්‍රීවරුන් නිකුත් කළ එම නිවේනයේ දැක්වෙන්නේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා අදාල සමාජිකයින් දෙදෙනා සිය පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ පළ කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බවයි. එය කමිටුව වෙත පැවරී තිබුණු වගකීම් පැහැර හැරීමක් සේම, පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළීමක් බවද එහි දැක්වෙනවා.    

මේ අතර මෙම මස 20 වන දිනට පෙර එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවන ලෙස ඉල්ලමින් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 27 දෙනෙකුගේ අත්සනින් යුතුව පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් භාරදී තිබෙනවා. එම ලිපියට අත්සන් තබා ඇති පිරිස අතරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු ඇතුළත්. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වන ඉමිතියාස් බාකිර් මාකර් සහ රෝසි සේනානායකද එම ලිපියට අත්සන් තබා තිබෙනවා.