Friday, April 19, 2024

General line - 0115112241

සුළුතර ජන්ද පදනම සුරැකීම නිදහස් පක්ෂයේ වගකීමයි




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී බිහිවන නව රජයක් තුළින් රට තුළ ජාතික සමගිය ගොඩනැගීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉටුකළ යුතු බව එම පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උතුරු සහ නැගෙනහිර පළාත් ආසන සංවිධායකවරුන් සමග පැවති හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ උතුරු සහ නැගෙනහිර ජනතාවගේ විශ්වාසය එම රජයට දිනාදීමට සහ මැතිවරණයකදී මුස්ලිම් සහ දෙමළ ඡන්ද නව රජයට ලබාගැනීමේ වැඩි වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන්ට පැවරෙන බවයි.