Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය මහ මැතිවරණයෙන් පැරදුනු ඊළාම් හිතවාදී කම්කරු පක්‍ෂ නායකයාට ඉල්ලා අස්වන්නැයි බලපෑම්

ජනක අලහප්පෙරුම




ඊයේ (13) පැවති බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් පාලක කොන්සවෙටිව් පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගෙන තිබෙනවා. එය සැලකෙන්නේ 1987 වසරේදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනී මාග්‍රට් තැචර් ලැබූ ජයග්‍රහණයෙන් පසු කොන්සවෙටිව් පක්ෂයට හිමිවූ ඉහලම ජයග්‍රහණය ලෙසයි. 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම මැතිවරණයෙන් ආසන 364ක් කොන්සවේටිව් පක්ෂයට හිමි වුණා. එරට පාර්ලිමේන්තුවේ සමස්ත බහුතරය දිනා ගත හැක්කේ, ආසන 326ක් ජය ගන්නා පාර්ශවයටයි.

මෙම මැතිවරණයෙන් දැඩි ඊළාම් හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂය පරාජයට පත්වීමද විශේෂත්වයක්. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නෙත් නිවුස් ලන්ඩන් විශේෂ නියෝජිත ජනක අලහප්පෙරුමගෙන්.