Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ ප‍්‍රදේශ රැසකට අද රාති‍්‍රයේ සිට පැය 24ක ජල කප්පාදුවක්




කොළඹ ස්ථාන රැසකට අද රාත‍්‍රි අටේ සිට හෙට රාති‍්‍ර 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, හදිසි බිදවැටීමක් සිදුවූ ප‍්‍රධාන ජලනල පද්ධතියේ අලූත්වැඩියාවක් හේතුවෙන්. 

ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10,11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම අදාල කාලය තුළ කොළඹ 05 සහ කොළඹ 06 යන ප‍්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පැළියගොඩ, වත්තල, ජාඇල, කටුනායක සහ සීදුව යන නගර සභා බල ප‍්‍රදේශවලට ලබන අඟහරුවාදා පෙරවරු 08 සිට පසුදා පෙරවරු 08 දක්වා පැය 24ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල යන ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. 

මීට අමතරව ගනේමුල්ල, රතුපස්වල, යාගොඩ, පියරතන මාවත, ඉඹුල්ගොඩ, එෙඬ්රමුල්ල, පුෂ්පාරාම මාවත, කෑරගල, දොම්පේ, ඉන්දොළ මුල්ල, දෙකටන, දෙල්ගොඩ, මල්වාන, අල්විස් නගරය, ඇලකන්ද, බලගල, මරදාන, මාබෝලේ, සහ දූව වත්ත යන ප‍්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. 

විදුලි බල මණ්ඩලයේ අලූත්වැඩියා කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතුවී ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.