Friday, March 29, 2024

General line - 0115112241

එජාපයේ වංචාවක් එජාපයේ ජ්‍යේෂ්ඨයෙක්ම හෙළිකරයි




එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කරනවා යැයි පැවසුවද දැනට තනතුරු දරණ පිරිසම නායකත්ව කමිටුවකට මුවාවී එම තනතුරු රැක ගැනීමට උත්සාහ දරන බව පාර්ලිමේන්තු  මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර තලතා අතුකෝරළ සහ තමන් පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවෙන් ඉවත්වීම සහ ඒ සම්බන්ධයෙන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.