Saturday, April 20, 2024

General line - 0115112241

පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් සොයන්න කමිටුවක්




ඉකුත් කාලසීමාවේදී සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආණ්ඩුවේ නායකයින් අතර ඉකුත්දා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

වත්මන් ආණ්ඩුවට ඇති අභියෝග සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බවත් එම අභියෝග ජය ගැනීම සදහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් සදහන් කළා.