Thursday, April 25, 2024

General line - 0115112241

රාජගිරියේ අනතුර ගැන හිටපු ඇමති පාඨලී පොලිස් කොමිසම හමුවේ කරුණු දක්වන්න යයි 




2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධිය පිළිබඳව ඉදිරියේදී තමන් ජාතික පොලිස් කොමිසම හමුවේ කරුණු දැක්වීමක් සිදු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියදුරාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.