Saturday, April 20, 2024

General line - 0115112241

තවමත් වැඩ අවසන් නොවූ හම්බන්තොට නිවාස ව්‍යාපෘති ගැන රජයේ අවධානය 




පසුගිය රජයේ නිවාස අමාත්‍යාංශය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ ප්‍රධානත්වයෙන්. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ පවතින ගැටළු රැසක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී තිබුණා. පසුගිය රජය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නිවාස ගම්මාන 337 ක ඉදිකිරීම් ආරම්භ කළ ද ඉන් නිවාස ගම්මාන 253 ක වැඩ තවමත් අවසන් කර නොමැති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ. 

එමෙන්ම පසුගිය රජය සමයේ ග්‍රාම ශක්ති නිලධාරීන් ලෙස බඳවාගත් 680 දෙනෙකුට වැටුප් ගෙවු ආකාරය සහ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ කිසිදු තොරතුරක් සටහන්ව නොමැති වීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.