Saturday, April 20, 2024

General line - 0115112241

පොහොට්ටුව ලකුණ ගැන ශ්‍රීලනිප පාර්ශ්වයේ මතය




ඉදිරි මහ මැතිවරණයේදී තරඟ වදින ලකුණ පිළිබඳ ගැටලුවක් ඇතිකර ගැනීමට සිය පක්ෂයට බලාපොරොත්තුවක් නොමැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ලකුණ පිළිබඳ අවසන් තීන්දුව ගත යුත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂවල නායකයින් බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා ද අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "දීර්ඝ කාලයක් දේශපාලනය කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ ලකුණකට වඩා එකතුවක් ගැන මේ මොහොතේ සිතිය යුතුයි " යනුවෙනි.

ඒ අනුව පොහොට්ටුව ලකුණින් තරග කළත් ගැටලුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ. පොහොට්ටුව ලකුණ ජනතාව අතර අද වඩාත් ජනප්‍රිය බැවිත් නැවත වරක් ඒ වෙනුවෙන් වෙහෙස වීමට අවශ්‍ය නොවන බවද සඳහන් කළා.