Thursday, April 18, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිට සුබ පතමින් ජනපති ගෝඨාභය තැබූ සටහන




ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් ජය ලැබූ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට සහ පාලක කන්සර්වේටිව් පක්ෂයට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුභ පැතුම් එක්කර තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින්.

අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ජයග‍්‍රහණය හරහා ජාති හිතෛශී රජයන් කෙරෙහි ගෝලීයව පවතින නැඹුරුව පෙන්නුම් කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

එසේම නව අග‍්‍රාමාත්‍යවරයාට, නව රජයට මෙන්ම සමස්ථ බි‍්‍රතාන්‍ය වැසිටන්හටම තමන් සුභ ප‍්‍රාර්ථනා එක්කර සිටින බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.